2014/04/02
2013/11/27
මගේ අංකය} sg/ed/dev/14/1
දිනය} 2013/ 11/27
සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු,
සබරගමු පළාත් පාසල් ක්‍රීඩා තරග හා 2014 වර්ෂයේ ශාරීරික අධ්‍යාපන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
සබරගමුව පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන 2014 වර්ෂයේ සබරගමු පළාත් පාසල් ක්‍රීඩා තරග වැඩසටහන මේ සමග ඉදිරිපත් කරමි.
2014 වර්ෂයේ සිට සෑම පාසලක්ම නිවාසාන්තර ක්‍රීඩා තරග පාසල් මට්ටමින් සංවිධානය කළ යුතුය.
නිවාසාන්තර ක්‍රීඩා තරග සෑම වර්ෂයකම ජනවාරි 31 වන දින වන විට අවසන් වන අයුරින් සංවිධානය කල යුතුය.
විෂය බාහිර හා විෂය සමගාමී වැඩ සටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අඩුවක් අද දකින්නට ලැබෙන අතර දරුවන් තුළ නායකත්වය, සංවිධානය , හැකියාව , හා විෂය භාහිර දැනුම වැඩි දියුණු වන ආකාරයේ වැඩ සටයන් පාසල් තුළ සංවිධානය කල යුතුය.ඒ අනුව විශේෂ තැනක් නිවාසාන්තර ක්‍රීඩා තරග , ශිෂ්‍ය කදවුරු, නායකත්ව පුහුණු වැඩ සටහන් ආදියට හිමි වේ.
මහින්ද චින්තන වැඩ සටහන් යටතේ අනාගත පරපුර පෞරුෂ වර්ධනයෙන් යුතු පරපුරක් බිහි කිරීමේ අරමුණින් සෑම පාසල් දරුවෙකුම අවම වශයෙන් ක්‍රීඩා දෙකකටවත් පාසල් මට්ටමින් සහභාගි කලයුතු බව දැනුවත් කර ඇත.
ඒ අනුව ඔබ කලාපයේ පාසල් ප්‍රධානීන් මේ පිළිබදව දැනුවත් කර ඒ තුලින් දෙමාපියන් දැනුවත් කරීම සිදු කල යුතුය.
සෑම පාසලක්ම 2014 වර්ෂයේ සිට සතියේ දින 05 ම උදෑසන ශරීර සුවතා වැඩ සටහන ක්‍රීයාත්මක කල යුතුය. ඒ සදහා විනාඩි 10 ක කාලයක් කාල සටහනෙන් වෙන් කර ඇති බැවින් එම කාලය අදාළ වැඩ සටහන සදහා පමණක් ම යෙදවිය යුතු බව දන්වන අතර වැඩ සටහන ක්‍රියාත්මක නොකරන පාසල් වෙතොත් මා වෙත දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. මීට පෙරද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ චක්‍ර ලේක අංක 2006/04 අංක ඊ.සි/1/15/2/2/100 2006 .03 .18 දිනැති චක්‍ර ලේඛනයෙන් මෙම වැඩසටහන පිළිබදව පාසල් ප්‍රධානින් දැනුවත් කර ඇත.
පළාත් තරග සදහා තරග අයදුම් පත් ඉදිරිපත් කිරීමේදි සියළු ම මලල ක්‍රීඩා හා කණ්ඩායම් ක්‍රීඩා ඉල්ලුම් පත්‍ර නම හා පාසල පැහැදිලිව ඉංග්‍රිසි මාධ්‍යයන් CD තැටියක පිටපත් කර ලබා දීමට කටයුතු කරන්න. 2014 වර්ෂයේදී පහත සදහන් ක්‍රීඩා තරග මට්ටමින් සංවිධානය කර පලාත් තරග සදහා එක් කලාපයකින් කණ්ඩායම් 03 බැගින් ඉදිරිපත් කල යුතුය.

වොලිබෝල් බාලක/බාලිකා | 15 න් පහල/17 න් පහල/19 න් පහල වයස් කාණ්ඩ |
නෙට්බෝල් බාලිකා | 15 න් පහල/17 න් පහල/19 න් පහල වයස් කාණ්ඩ |
පාපන්දු බාලක | 15 න් පහල/17 න් පහල/19 න් පහල වයස් කාණ්ඩ |
පාපන්දු බාලිකා | 19 න් පහල |
ක්‍රිකට් බාලක/බාලිකා | 19 න් පහල |
එල්ලේ බාලක/බාලිකා | 19 න් පහල |
කබඩි බාලක/බාලිකා | 15 න් පහල/ 19 න් පහල |
බැඩ්මින්ටන් බාලක/බාලිකා | 15 න් පහල/ 19 න් පහල |
ඉහත සදහන් තරග සදහා කලාප මට්ටමින් කන්ඩායම් 03ක් හෝ 02 ක් පැවැති අවස්ථාවක වුවත් තරගය පවත්වා කලාප මට්ටමේ සහතික පත්‍රයක් ලබා දිය යුතුය. ඒ අන්ව පලාත් තරග සදහා කණ්ඩායම් ඉදිරිපත් කිරීමේ දී ලබා ගත් සථානය පැහැදිලිව සදහන් කර එවිය යුතුය.
අධ්‍යාපන අමාත්‍යංශයේ හා සබරගමු පළාත් අධයාපන අමාත්‍යංශයේ උපදෙස් මත හා සබරගමු පලාත් දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා තරග වැඩ සටහන් පහත සදහන් පරිදි සැකසී ඇත. ඒ අනුව ඔබ කලාපයේ කොට්ඨාශ , කලාප මට්ටමින් තරග සැළසුම් කල යුතුය.
2014 වර්ෂයේ සිට සෑම වර්ෂයක් සදහාම මෙය බල පැවැත්විය යුතුය. වෙනස් කිරීමක් සිදු වන්නේ නම් ම පිළිබද කල් වේලා ඇතිව දැනුවත් කරනු ඇත.
.......................................................
2014 වර්ෂයේ සිට සෑම වර්ෂයක් සදහාම මෙය බල පැවැත්විය යුතුය. වෙනස් කිරීමක් සිදු වන්නේ නම් ම පිළිබද කල් වේලා ඇතිව දැනුවත් කරනු ඇත.
- සෑම වර්ෂයකම ජනවාරි 31 වන දිනට පෙර නිවාසාන්තර ක්‍රීඩා තරග පවත්වා අවසන් කල යුතුය.අනතුරුව
- පෙබරවාරි 10 වැනිදා සිට මාර්තු 10 වන දින අතර කෙට්ඨාශ තරග පැවැත් වීම
- පෙබරවාරි 10 වැනිදා සිට මාර්තු 25 වන දින අතර කලාප තරග අදියර 01 පැවැත්වීම
- අප්‍රෙල් 28 වන දින සිට මැයි මස 05 වන දින අතර කලාප තරග අදියර 02 පැවැත්වීම
- මැයි 10 වන දින සිට ජූලි 17 වන දින අතර පළාත් රග පැවැත්වෙනු ඇත.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග
- සැප්තැම්බර් 06 සැප්තැම්බර් 08 අදියර 01
- සැප්තැම්බර් 13 සැප්තැම්බර් 14 අදියර 02
- සැප්තැම්බර් 21 සැප්තැම්බර් 22 අදියර 03
- සැප්තැම්බර් 26 සැප්තැම්බර් 30 මලල ක්‍රීඩා තරග
ඒ අනුව සෞඛ්‍ය වැඩ සටහන් , සෞඛ්‍ය පිළිබද ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ඩෙංගු මර්ධන වැඩසටහන් අනිවාර්යයෙන් ම සිදුකළ යුතුය.
.......................................................
ඒ.එම් .උපසාර අලහකෝන් මහතා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( ශා.අ.හා.ක්‍රීඩා )
පිටපත්
01 අධ්‍යාපන ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය -දැ.ගැ.පි
02 අධ්‍යාපන ලේකම් - අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය - දැ.ගැ.පි
03 අතිරේක ලේකම් - අධ්‍යාපන සංවර්ධන හා ගුණාත්මක - අධ්‍යාපන අමාත්‍යාංශය - දැ.ගැ.පි
04 අධ්‍යාපන අධ්‍යක්ෂ -(ශා.අ.හා.ක්‍රීඩා ) අධ්‍යාපන අමාත්‍යාංශය - දැ.ගැ.පි
05 ස.අ.අ.වරුන් ( ශා.අ.හා.ක්‍රීඩා ) සබරතමුව පළාත - අවශ්‍ය කටයුතු සදහා
06 කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් - දැ.ගැ.පි
07 තරග පවත්වන පාසල් වල විදුහල්පති මහත්ම/මහත්මීන් - අවශ්‍ය කටයුතු සදහා
08 ස.අ.අ.වරුන් ( ශා අ.) කලාප ක්‍රීඩා සම්භන්දීකරණ නිලධාරීන් - අවශ්‍ය කටයුතු සදහා
09 සියළුම ( ශා.අ.) ගුරු උපදේශක මහත්ම/මහත්මීන් - අවශ්‍ය කටයුතු සදහා
10 සියළුම ජාතින හා පළාත් ක්‍රීඩා සංගම් - දැ.ගැ.පි